• 0332222755
  • gmbparackramav@gmail.com

සිසු නයු අභිසෙස් 2024

පරාක්‍රම මහා විද්‍යාලයීය (ජාතික පාසල) 2024-2025 වසර සදහා ද්විතියික අංශයේ ශිෂ්‍ය නායක නායිකයින්ට නිල ලාංඡන පැළදවීමේ ගෞරවනීය අවස්ථාව 2024/10/04 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී… 2024 සහ 2025 වර්ෂ සඳහා අභිනවයෙන් පත්වු ආදරණීය ශිෂ්‍ය නායක දූ පුතුන්ට, උණුසුම් සුබ පැතුම්

Read More

පොසොන් පෙර පොහොය වැඩසටහන – සීල සමාදාන වැඩසටහන 2024

පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද පෙර පොහොය දින වැඩසටහන විද්‍යාලයේ සියලුම ‍ශ්‍රේණිවල සිසුන් මූලික කර ගනිමින් සීල සමාදාන 2024.06.20 වන දින සාර්ථකව පවත්වන ලදී. මෙම මහගු පුණ්‍ය කර්මය සදහා දායකත්වය දැක්වූ සැමට පුණ්‍යානුමෝදනා වේවා! සියලුම දෙනාට උතුම් පොසොන් පොහෝ දිනයක් වේවා!

Read More

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 🏆🏆🏆🏆🏆🏆🏆

2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 05 වන දින අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් ප්‍රභාත් චාමින්ද ආරච්චිගේ ගෞරවනීය ආරාධනයෙන් සහ ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.අජිතා ප්‍රියංගනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාසල් ක්‍රීඩාංගණයේදී මහත් අභිමානයෙන් පැවැත්විණි.

Read More

පරාක්‍රමාභිමානි  2022 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

“පරාක්‍රමාභිමානි  2022”  විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් පරිපාලන හා පූර්ව ළමා විය පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ මැතිතුමා, බ්‍රිගේඩියර් බී.එම්.ඒ.බාලසුරිය මැතිතුමා හා ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු ආරාධිතයන් සහභාගිත්වයෙන් 2023.11.30 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී  පැවැත්විණි.

Read More

2023 පාසල් දිනය සැමරීම

විද්‍යාලයට වසර 154 ක් පිරීම නිමිති කරගෙන පැවැත්වූ සාංඝික දානමය පුණ්‍යකර්මය 2023 ඔක්තෝබර් මස 10 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

Read More

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මැතිදුන්ට උපහාර පිදීමේ උත්සවය

අප විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වන වර්තමාන ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මැතිදුන්ට උපහාර පිදීමේ උත්සවය 2023.09.04 දින විද්‍යාලයේ දී පැවැත්විණි.

Read More