Currently set to Index
Currently set to Follow
 
  • 0332222755
  • gmbparackramav@gmail.com

දැක්ම​

වෙනස් වන සමාජ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන ක්‍රියාශීලී , නිර්මාණශීලී සිසු පරපුරක් නිර්මාණය.

Creating a dynamic, creative a generation of students that moves forward in the face of changing social challenges

මෙහෙවර

ජීවිතය දිනා ගත හැකි ආකල්ප පිරිපුන් කරගත්, සුපසන් සිතුවිලිවලින් යුත් අනාගත වැඩ ලෝකයට සරිලන නිපුණතා සපිරි නව සිසු පරපුරක් බිහිකිරීම මෙම පාසලේ මෙහෙවර වේ. ​

 

The mission of this school is to produce a new generation of talented students who are full of life-winning attitudes as well as fit for the future world  of work with prosperous thoughts

පාසලේ අරමුණු​

  • ජාතික අරමුණ හා බැදුනු අධ්‍යාපන අරමුණු සාක්ෂාත්කරණය උදෙසා පාසල් විෂය මාලාව තුලින් පොදු නිපුණතා සාධනය කිරීම . ​
  • පූර්ණ විෂය මාලාව ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික හා කායික සමබරතාව සඳහා අධ්‍යාපනික අවස්ථා සම්පාදනය කොට පූර්ණ පෞරුෂයකින් හෙබි දරු පිරිසක් බිහි කිරීම . ​ ​
  • මානව, භෞතික හා මූල්‍ය තත්ත්වයන් මනා ලෙස කළමනාකරණය කරමින්, ඵලදායිතාවයෙන් යුත් පාසලක් බවට පත් කිරීම . ​
  • ජාතික මට්ටමේ විභාගවලින් ප්‍රතිඵල වැඩි දියුණු කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනික අවස්ථා හා වෘත්තීය අවස්ථා ළඟා කර දීම. ​
  • දේශීය සංස්කෘතිය සුරකින, සාරධර්මවලින් පිරිපුන්,ජාතිකාභිමානය යුත් දරු දැරියන් පිරිසක් බිහි කිරීම . ​
  • ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ නිසඟ කුසලතා ඔප් නංවමින්, දේශයේ උන්නතියට දායකත්වය දැක්විය හැකි, ගෞරවාන්විත වූත්, පරිපූර්ණ වූත් මානව සම්පතක් බවට පත් කිරීම . ​​
  • නව තාක්ෂණය හා සෞන්දර්යාත්මක අත්දැකීම් ළඟා කර දෙමින්, නිර්මාණශීලි වූත් , අනාගත ලෝකය අභියෝග ජය ගත හැකි උසස් අපේක්ෂාවලින් යුත් දරු පිරිසක් බිහි කිරීම . ​
  • අවට ප්‍රජාවගේ අපේක්ෂා හා ගැටලු හඳුනාගනිමින් පාසැල තුලින් ප්‍රජා සහයෝගීතාව හා ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම . ​
  • පාසලේ සංස්කෘතිය සුරකිමින් පාසල අභිමානය උදෙසා කැපවන ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පිරිසක් බිහි කිරීම . ​
  • සිසු – දෙමාපියන් උසස් අපේක්ෂා ඇතිවන පරිදි ඉගෙනුම් සංස්තියක් බිහිකිරීම .​